Wednesday, June 29, 2011

Betty Blue (1986) - 37°2 le matin


අද කියන්න යන Betty Blue කියන චිත්‍රපටිය ප්‍රංශ චිත්‍රපටියක්. මම බලල තියෙන චිත්‍රපටි වලින් සිනමාත්මක විධියට හොඳම ඒවා හැදිල තියෙන්නෙ ඇමරිකාවට වඩා යුරෝපීය රටවල. Betty Blue කියන්නෙත් ඒ අතින් සුපිරි චිත්‍රපටියක්. මිනිස් හැඟීම් සහ ජීවිතය ගැන ගැඹුරින් කෙරෙන විග්‍රහයක් තියෙන චිත්‍රපටියක්. මේක හදල තියෙන්නෙ 1986 කියල මම දැනගත්තෙත් මේ ගැන ලියන්න ඕන වුණ නිසා. මේ වෙනකල්ම මම හිතාගෙන හිටියෙ මේක 2007 වගේ කරපු එකක් කියලයි. මොකද ඒ තරමටම චිත්‍රපටිය අළුත්. අවුරුදු 3කට විතර කලින් මේක ගැන මට මුල් ඔත්තුව දුන්නෙ ඔයාල සමහරවිට දන්න කෙනෙක් වෙන මොහාන් හෙට්ටිආරච්චි මහත්තයා...

චිත්‍රපටියෙ ඉන්න Zorg කියන තරුණය කුලී නිවාස පෙළක් බලාකියාගෙන නිදහස තියෙන වෙලාවලට මොනව හරි ලියාගෙන සාමාන්‍ය විධියට ඉන්න පුද්ගලයෙක්. මෙයාගෙ ජීවිතේ එකපාරම වෙනස් වෙනවා Betty කියන අපූරු තරුණිය නිසා. මොවුන් දෙදෙනා කලින් දැනගෙන හිටියත් එකට ජීවත් වෙන්න හිතපු අය නෙවෙයි. ඒත් අනපේක්ෂිත විධියට දෙන්න එකතු වෙනවා. ඊට පස්සෙ වෙන්නෙ අපි හිතන විධියෙ ගලායාමක් නෙවෙයි. දැනට කරමින් ඉන්න රස්සාවෙන් සෝග් ඉවත් වෙන අතරෙ බෙටී අවන්හලක රැකියාවකට යනව. සෝග් ලියන දේවල් පොතක් විධියට එලිදක්වන්න ඕන කියන මතයේ ඉන්න බෙටී සෝග්ට ඒකට අවශ්‍ය කාලය අරන් දෙනවා. ඔය අතරෙ බෙටී වැඩ කරන තැන ලොක්ක මේ දෙන්නත් එක්ක හොඳට යාළු වෙනව. පසුව දවසක ඒ අවන්හල් අයිතිකාරයට අයිති පියානෝ සාප්පුවක් බලාගෙන ඉන්න මේ යුවලට සිද්ධ වෙනව.

සෝග් ලියන පොත පලකරන්න ගියාම තමයි ඊළඟට යුද්ධය ඇවිලෙන්නේ. ප්‍රකාශකය ඒක පලකරන්න බෑ කිව්වම බෙටීට තරහ යනව. ඒ තරහ කෙමෙන් කෙමෙන් මානසික ව්‍යාධියක් වෙන තැනට පත් වෙනව. සෝග් උත්සාහ කරන්නෙ තමන්ගෙ ආදරෙන් බෙටීව හොඳ කරගන්න. සෝග් සාර්ථක වෙයිද?

මේකෙ රඟපෑම් වලට අමතරව සංස්කරණය සුපිරි කියල කියන්න පුළුවන්. ප්‍රංශ චිත්‍රපටිවල තියෙන හොලිවුඩ් චිත්‍රපටි වල නැති අපූරු ගලායාම මේ චිත්‍රපටියෙ හොඳටම තියෙනව. මේක මම අන්තිමට බැළුවෙ අවුරුදු දෙකකට විතර කලින්. ආයෙත් බලන්න උවමනා වෙලයි දැන් ඉන්නේ.

චිත්‍රපටියෙදි බෙටීට තියෙන ඉක්මනින් තරහ යාමේ පිස්සුව අපට පේන්න තිබුණත් චිත්‍රපටිය පුරාම අපට හමු වෙන්නෙ එක එක මානසික දුබලතා තියෙන මිනිස්සු. ඒ කවුරුත් තමන්ට ලෙඩක් තියෙනව කියල දන්නෙ නැ හැබැයි.

ආ.... තූති බබාල බලල නරක් වුණා කියන්න එපා හොඳේ..



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

5 comments:

  1. ඔන්න බානවා මාත්...

    ReplyDelete
  2. මේක දිගටම කරගෙන යන්න ඔයාටත් පුලුවන් මේක බයිස්කොප් වගේ බොලොග් එකක් තත්වයට දාන්න මේක පොඩ්ඩ්ක් සි0හල පැත්තට බර වෙන්න ලියන්න ඔඩින් හෙඩ්මක් දන්න සි0හලේන් බයවෙන්න එපා වැඩෙ අත්හරින්න එපා මාගේ බොලොග් එකට මෙක ගැන සබැදියක් දන්නම්

    රෙස්ලින්.lk team

    ReplyDelete
  3. ට්‍රේලර් බාගෙන බැලුවා. බලන්න තරම් වටින දෙයක් තියෙයි කියල හිතෙනවා. ඔත්තුව දුන්නට තෑන්ක්ස්.

    ReplyDelete
  4. බයිස්කෝප් කියන්නෙ මමත් නිතර ඇසුරු කරන ලංකාවෙ අංක එකේ චිත්‍රපටි අඩවිය. ඒකෙ විවිධ රුචිතක්වයක් තියෙන අය වෙනුවෙන් චිත්‍රපටි ගැන විස්තර පල වෙනවා මේ බ්ලොග් එක ඒතනට යන්න සුදුසු එකක් නෙවෙයි. මොකද මේකෙ තියෙන්නෙ මම කැමති ස්ටයිල් එකේ ඒව විතරක් නිසා. :D

    චිත්‍රපටිය බලන්න. අනිවා හොඳම අත්දැකීමක් ලැබෙයි.

    ReplyDelete
  5. එහෙම කියන්න එපා පොඩ්ඩක් උත්සහ කරන්න ... දිගටම අපි එකතුවෙනවා

    රෙස්ලින්.lk team

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...