Wednesday, June 22, 2011

Apocalypse Now (1979)


Apocalypse Now කියන්නෙ ටිකක් පරණ වුණත් මම බලල තියෙන යුධ චිත්‍රපටි අතරෙ සුපිරි වර්ගයේ චිත්‍රපටියක්. යුද්ධයේ කුරිරු බවත්, යුද්ධය නිසා මිනිස්සු වෙනස් වෙන විධියත්, යුද්ධය නිසා ඒකට සම්බන්ධ වෙන මිනිස්සුන්ට දැණෙන ආතතියත් ගැන ගොඩක් සාර්ථක කතාවක් මේ චිත්‍රපටියෙ තියෙනවා.

ඇමරිකානුවන් වියට්නාමෙ යුධ වැදුනු අවධියෙ සිදුවෙන සිදුවීම් කීපයක් ඔස්සේ තමයි චිත්‍රපටිය ගලාගෙන යන්නේ. ඇමරිකානු හමුදාවේ කැප්ටන්වරයෙක් වෙන Captain Benjamin L. Willard උසස් නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමකට තෝරගන්නවා. ඒක රහසිගත මෙහෙයුමක්. ඔහුට නියම වෙන්නෙ ඒ වෙනකොට කාම්බෝජ දේශ සීමාවෙ කුරිරු යුද්ධයක නිරත වෙලා ඉන්න කර්නල්වයෙක් වෙන Walter Kurtz ව මරා දැමීමයි. ඇමරිකානු හමුදා නිලධාරින්ගේ පාලනයෙන් තොරව කර්නල් කර්ට්ස් ඔහුගේම යුද්ධයක් කරන බවයි කැප්ටන් විලාඩ් ට ඉහලින් දැනුම් දෙන්නේ..

ඉතිං කපිතන් විලාඩ් කර්නල් කර්ට්ස්ව හොයාගෙන සෑහෙන්න දුරක් යනවා. අවසානයේ ඔහුට කර්නල්වරයාව හමුවුණාම ඔහුට තේරෙනවා කර්නල්වරයා අමුතුම පුද්ගලයෙක් කියලා. ඔහුටම ආවේණික යුධ ශිල්ප ක්‍රම හරහා ඔහු යුද්ධය කරමින් ඉන්න බව කපිතන්ට තේරෙණවා. ඔහුටත් නොදැනීම ඔහු ඒ යුද්ධයේ කොටසක් බවට පත් වෙනවා. මේ කතාව ඉදිරිපත් කරන්නෙ බොහොම අපූරු විධියට... ඒව ඉතිං පතාක අධ්‍යක්ෂවරයෙක් වුණ Francis Ford Coppola මහත්තයගෙ වැඩ තමයි.

චිත්‍රපටියෙ රඟපාන්නෙත් ඒ වගේම යෝධයො ටිකක්. Marlon Brando, Martin Sheen එක්ක Robert Duvall කියන්නෙ හොලිවුඩ් සිනමාවෙ යෝධයො නේන්නම්...

Apocalypse Now චිත්‍රපටිය Joseph Conrad මහත්තයගෙ Heart of Darkness ‍කියන පොත අනුසාරයෙන් තමයි හදල තියෙන්නේ....

ඉතිං කලින් කියපු අයගෙ වැඩ එක්ක යුද්ධයේ අපි නොදන්න තව පැත්තක් ගැන දැනගන්න මේකත් බලන්න ටුයි එකක් දෙන්න.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

2 comments:

  1. මේ මූවි එක ගැන මාත් කාලෙක ඉඳල දන්නවා. හැබැයි ඒත් නම විතරයි අහල තිබුණේ. ඒ හින්ද මේ විස්තරේට වගේම දුන්න ටොරන්ට් ලින්ක් එකටත් තෑන්ක්ස්.

    ReplyDelete
  2. කියවන්න දෙයක් නැහැ.. මේක තමයි සුපිරිම යුධ චිත්‍රපටිය!!!! ඒක ගැන වාද කරන එකත් වෙලාව නාස්ති කරන වැඩක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...