Tuesday, August 9, 2011

John Q (2002) | Denzel Washington, Robert Duvall


Denzel Washington කියන්නෙ හොලිවුඩයේ ඉන්න කළු ඇමරිකානු නළුවන්ගෙන් දක්ෂතම නළුවෙක්. බොහොමයක් කාලෙක ඉඳන් ඔහු තමන්ගෙ ජනප්‍රියත්වය එක වගේම රඳවගන්න සමත් වුන රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහුට තමන්ගෙ දක්ෂතා පෙන්නන්න පුළුවන් විධියෙ චරිතත් ලැබෙන බවක් පේනවා.

අද කියන්න යන John Q චිත්‍රපටියත් ඔහු රඟපාන හොඳ, හැඟීම්බර කතාවක් තියෙන පවුලේ චිත්‍රපටියක්. කතාව හොඳයි කියල විශේෂයෙන් කිව්වෙ මේකෙ රඟපෑම් සහ සිනමාත්මක බව සම්බන්ධයෙන් ඒ තරම් ලකුණු දෙන්න බැරි නිසා. මොකද රඟපෑම්වල ඒ තරම්ම ස්වභාවික නැති ඕනවට වැඩි ගතියක් මට දැණුනා. ඒ එක්කම ටිකක් විතර කෘතිම බවක් දැණුන අවස්ථා කීපයක්ම මට තේරුණා. නමුත් චිත්‍රපටිය බලල රස විඳින්න ඒ දේවල් ඒ තරම් බාධාවක් වෙන්නෙ නෑ. මොකද කතාව තාර්කිකයි වගේම මුල ඉඳන් අගටම බලාගෙන ඉන්න පුළුවන් විධියෙ රසවත් කතාවක්.

John Quincy Archibald කියන්නෙ යකඩ කම්හලක වැඩ කරන ඒ තරම් සල්ලිය බාගෙ නැතත් තමන්ගෙ බිරිඳත්, එකම පුතා මයිකලුත් එක්ක සතුටින් ධාර්මිකව ජීවත් වෙන පුද්ගලයෙක්. ඔහුත් බිරිඳත් ආර්ථික ගැටළු ගොඩකට මුහුණ දීල හිටියත් ඔවුන් දෙන්නා මයිකල්ට අඩුවක් නොකර එයාට ගොඩක් ආදරය දක්වනවා. ඒත් එක දවසක බේස් බෝල් තරගයක් මැදදි මේ හුරුබුහුටි දරුවා හිටිගමන් සිහිනැතිව වැටෙනවා. දරුවට ප්‍රතිකාර කරන වෛද්‍යවරු කියන්නෙ මයිකල්ගෙ හදවත දුර්වල බවක්. වහාම හදවත් බද්ධයක් නොකලොත් දරුවගෙ ජීවිතේ දින කීපයක් වෙන්නත් පුළුවන් බවයි ඔවුන් කියන්නෙ. නමුත් හදවත් බද්ධයට වැය වෙන වියදම දරන්න ජෝන්ට පුළුවන් කමක් නෑ. ඔහුගෙ රක්ෂණයෙනුත් ඒ මුදල පියවගන්න වෙන්නෙ නෑ.

සියළු උත්සාහයන් අසාර්ථක වෙද්දි තමන්ගෙ දරුවගෙ ජීවිතේ බේරගන්න ජෝන් කරන්නෙ සාමාන්‍ය මනුස්සයෙක් කරන්න නොහිතන දෙයක්.‍ ජෝන් තමන්ගෙ සියළු ප්‍රතිපත්ති පැත්තකින් තියලා තමන්ගෙ දරුව වෙනුවෙන් දරුණු පියවරක් ගන්නවා.

මේක කියවන ඔයාල කී දෙනෙක් තාත්තලද කියන්න මම දන්නෙ නෑ. නමුත් අපි සේරම තාත්තලගෙ ළමයි නිසා තාත්ත කෙනෙක් තමන්ගෙ දරුවෙක් වෙනුවෙන් නොකරන දෙයක් නෑ කියල අපි දන්නව. ඒ දැනගැනීම හොඳින්ම සාක්ෂාත් වෙනගමන් හිතට. හදවතට. ඇස් දෙකට හොඳින් වදින්න තාත්ත කියන මනුස්සයව දැණෙන චිත්‍රපටියක් මේක.

කොයි කවුරුත් බැලුවට පාඩුවක් නම් නෑ...




මගේ ලකුණු - 7/10

දැනගන්න සහ බාගන්න

3 comments:

  1. මම මේක බැලුවේ සිරසේ ගිය වෙලාවකද කොහෙදෝ මුලින්ම.. මේ ලඟදි ආයේ බාගෙන බැලුවා.. නියමම ෆිල්ම් එකක්...

    ReplyDelete
  2. දැනුවත් කළාට තෑන්ක්ස්.

    ReplyDelete
  3. නියමයි මෙ චිත්‍රපටිය.... පොඩි පෑටව හොද ඉස්කොලෙකට ඔබලා... කෑම බිම කොටන, ඔය තාත්තලයි කියාගෙන ඉන්න උන් හෑම කෙනෙක්ම බලන්න ඔනා..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...