Friday, March 8, 2013

The Fisher King (1991) | Jeff Bridges, Robin Williams, Mercedes Ruehl


Jack Lucas කියන්නෙ ගුවන් විදුලි නිවේදකයෙක්. ඔහු ඇත්තටම ගුවන් විදුලියෙන් සමාජයට බලපාන විධියෙ වැඩ දාන වැඩ්ඩෙක්. නමුත් ඔහුගේ වැඩසටහනක් බලපෑමෙන් ඔහුගේ නිරන්තර අසන්නෙක් අතින් ලොකු අපරාධයක් වෙනවා. මේකට මාධ්‍ය විසින් චෝදනා එල්ල කරන්නෙ ජැක්ට. ඒ නිසාම ජැක් තමන් ගැනම කලකිරීමකට පත් වෙනවා. තමන් අතින් වරදක් වුණාය කියන හැඟීම ඔහුව වේදනාවට පත් කරනවා. ඒ නිසාම ඔහු හදන්නෙ සියදිවි හානි කර ගන්න.

ඔහුට Perryව හමුවෙන්නෙ එතනදි. පෙරී කියන්නෙ බිම් මහලක ජීවත්වෙන හිඟමනෙන් ජීවත් වෙන ටිකක් මානසික ව්‍යාකූලත්වයක් සහිත පුද්ගලයෙක්. නමුත් ඔහු ජැක්ට ජීවත් වෙන්න ආයෙමත් බලාපොරොත්තුවක් ලබා දෙනවා. ටිකෙන් ටික ලියලන ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වය දෙදෙනාගේම ජීවිත වඩා යහපත් තත්ත්වයකට පත් කරනවා.

මේ කතාව මෙහෙම තියෙන්නෙ The Fisher King චිත්‍රටියෙ. ජැක් විධියට රඟපාන්නෙ Jeff Bridges. පෙරීගෙ චරිතය හොලිවුඩයේ දක්ෂ චරිතාංග නළුවක් වෙන Robin Williams විසින් රඟපානවා. ඇත්තටම චිත්‍රපටිය බලන්න ඕන වුණෙත් ඔහුගේ රඟපෑම් නිසාමයි. ජැක්ගේ පෙම්වතිය විධියට රඟපාන Mercedes Ruehl වෙත මේ වෙනුවෙන් ඇකඩමි සම්මානය හිමි වුණේ හොඳම සහය නිළිය විධියටයි.

නමුත් මම හිතන්නෙ මේ චිත්‍රපටියෙ ප්‍රධාන නළුවන් සහ නිලියන් හතර දෙනාම හොඳින් රඟපානවා කියලයි. විශේෂයෙන් පෙරීගේ පෙම්වතිය විධියට රඟපාන Amanda Plummer හොඳටම ලැජ්ජා සහගත කෙල්ලෙක්ගෙ චරිතය විශිෂ්ඨ විධියට රඟපානව කියල කියන්න පුළුවන්.





The Fisher King (1991) on IMDb




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...