Monday, February 25, 2013

The Wings of the Dove (1997) | Helena Bonham Carter, Linus Roache


කේට් පොහොසත් තරුණියක්. අගේ පෙම්වතා දිළිඳු පත්තර වාර්තාකාරයෙක්. විසිවෙනි සියවසේ මුල් අවධියෙ එංගලන්තයෙදි දිග හැරෙන ඔවුන්ගේ ප්‍රේම කතාව ඒ හැටි හොඳ එකක් නෙවෙයි. මුදල් සහ සමාජ තත්ත්වය ඔවුන්ගෙ ප්‍රේමයට හරස් වෙනව.

ඒ අතරෙ ඔවුන් අතරට එන තුන්වැන්නෙක් නිසා ඔවුන්ගේ බලාපොරොත්තු අළුත් වෙනව. ප්‍රේමයේ අනිත් පැත්ත වෙන වෛරය, ඉරිසියාව හැම දේමත් එක්ක ඔවුන්ගේ ප්‍රේමය විවිධ පැතිවලට ගලාගෙන යනවා.

Helena Bonham Carter කියන නිළිය නොදන්න කෙනෙක් ඉන්න බෑ. ඇය ගොඩක්විට ඉන්නෙ මායාකාරී චරිතවලට. ඒ වගේම ඇය තුල ඒ මායාකාරී බලය නැහැයි කියල කියන්නත් බෑ. The Wings of the Dove චිත්‍රපටියෙදිත් ඇගේ වසඟකාරී බවෙන් ඔයාලට ගැලවෙන්න බැරි වෙයි.

චිත්‍රපටිය හමුවෙන්නෙත් ඇය ගැන හොයද්දි තමයි. 1997 ඇකඩමි උළෙලෙදි හොඳම නිළිය විධායට නිර්දේශ වෙන්න හෙලේනා සමත් වුණේ මේ චිත්‍රපටියෙ රංගනය නිසා. කතාවේ අනිත් ප්‍රධාන නළුවන් සහ නිලියන් ඒ හැටි දන්න කියන උදවිය නොවුනත් ප්‍රධාන නළු Linus Roache බොහොම ස්වභාවික රංගනයක යෙදෙන බවයි මට තේරුණේ.





The Wings of the Dove (1997) on IMDb


Torrent


1 comment:

  1. ආයේ අවුරුදු ගානකට පස්සේ බ්ලොග් එක ලියන්න පටන් අරගෙන ඇති යන්තන් !
    සිරාවටම උබේ බ්ලොග් එකෙන් හුඟක් වටිනා පරණ ෆිල්ම් ගැන දැනගෙන තියෙනවා. නවත්තන්නේ නැතුව දිගටම ලියන්න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...