Saturday, February 23, 2013

Garden State (2004) | Zach Braff, Natalie Portman


Andrew Largeman කියන්නෙ ගමෙන් ඈත් වෙලා නගරයේ ඒ තරම් සාර්ථක නැති නළුවෙක් විධියට වෙන වෙන පාට් ටයිම් වැඩත් කරගෙන ඉන්න තරුණයෙක්. අවුරුදු ගණනාවකට පස්සෙ ඔහුට හදිසියේ ගමට එන්න සිද්ධ වෙන්නෙ ඔහුගෙ අම්මගේ මරණය නිසා. මළගමට පස්සෙ ඔහුට ඔහුගෙ පරණ යාළුවො කීප දෙනෙකුත් හමුවෙනව. ඒත් ඔහු ඉන්නෙ සතුටින් නෙවෙයි. තදින් මනසට වද දෙන කාරණා කීපයක් සහ හිසරදයක් හින්ද ඔහු ඉන්නෙ ටිකක් අවුල් මානසිකත්වයක. ඒ සම්බන්ධව බෙහෙත් ගන්න ගිය වෙලාවකදි ඔහුට අපූරු තරුණියක් හමුවෙනව. මේ තරුණියටත් යම් යම් ගැටළු කීපයක් තියෙනවා. ඒත් ඇය ඔහුගේ ජීවිතේට විකල්පයක් වෙනවා.

කතාවෙ ඉතිරි ටික හිතාගන්න පුළුවන් වුණත්, සමහරවිට අපි හැමදාම දකින්න ආස විධියෙ විශේෂ අමුතු කතාවක් නැති සරළ කතාවක් වුණත් මේ චිත්‍රපටිය මගේ හිත්ගත්තා. කාලෙකට පස්සෙ ආයෙත් බ්ලොග් එක ලියන්න පටන්ගන්න ඕන කියල හිත හිත විතරක් ඉඳපු ඉඳිල්ල අවසන් කරන්න හිතුණෙ ඒක නිසා.

කතාව හිත්ගන්න පාදක වුණ අනිත් කාරණේ තමයි චිත්‍රපටිය පුරාවටම තියෙන ගීත ඛණ්ඩ. ඒව වැඩි වෙලා ඇහෙන ඒව නොවුණත් සෑහෙන්න හිතට වැදෙන ගීත ගණනාවක් චිත්‍රපටියෙ මූඩ් එකට ගැලපෙන්න පසුබිම සංගීතවත් කලා. ඒ නිසාම ඒ sound track එකත් පහල දීල තියෙනවා උවමනා කෙනෙක්ට!

කතාවෙ රඟපාන ප්‍රධාන නළුවා Zach Braff. චිත්‍රපටියෙ අධ්‍යක්ෂවරයාත් ඔහුයි. මේ වන විට ඔහු අධ්‍යක්ෂණය කරල තියෙන එකම චිත්‍රපටිය මේක විතරක් වීම නම් අවුලක් තමයි. ඔහුට අමතරව Peter Sarsgaard සහ Ian Holm (බිල්බෝ බැගින්ස්) මේකෙ රඟපානවා. නිළිය Natalie Portman. ප්‍රධාන නළු නිළි යුවලගේ රඟපෑමත් චිත්‍රපටියට මාව ගැටගහපු සාධකයක් වුණා.

ඔය බිග් බෑන් තියරියෙ ෂෙල්ඩන් ලොක්කත් මේකෙ පොඩි කෑල්ලකට ඉන්නවා. ඒ ඉන්නෙත් අර වගේම ක්ලිංගන් කතා කරන මඤ්ඤං චරිතෙකට.




Garden State (2004) on IMDb

Torrent

Soundtrack


1 comment:

  1. හුඟ කාලෙකින් මං හිතන්නෙ.....
    නටාලියා කියන්නෙ මාත් කැමති ම නිළියක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...