Friday, October 7, 2011

Pirates of Silicon Valley (1999) | Anthony Michael Hall, Noah Wyle, Joey Slotnick


ලෝකයේ තාක්ෂණික භාවිතාව සහමුලින්ම වෙනස් කරපු ස්ටීව් ජොබ්ස් මහත්තයා පහුගිය 5 වෙනිද මෙලොවින් සමුගත්තනේ. ඒ වුණත් සෑහෙන්න කාලයක් යනකල් ලෝකය පුරා ඔහුගෙ නම කියවෙන විධියෙ වැඩ ගොඩක් ඔහුට කරන්න පුළුවන් වුණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පෙට්ට්යෙන් එලියට බැහැල හිතපු පුද්ගලයෙක් විධියට ඔහුට අපි කවුරුත් ගෞරවාන්විත ආදරයක් දක්වනවා. ඔහු තාක්ෂණය නිතර ඇසුරු කරන ඇතැම් අයගේ වීරයෙක්.

මේ කියන්න යන්නෙ ඔහුගේ ජීවිතේ සැලකිය යුතු කාලයක් ගැන කියවෙන වාර්තා චිත්‍රපටියක් ගැන. ඒ තමයි Pirates of Silicon Valley. මේක ගැන මුල්ම ඔත්තුව දුන්නෙ මැක් සටහන් ලියන අසංක. ඔහුට ස්තූතිවන්ත වෙනවා මේ අපූරු සිනමා නිර්මාණය ගැන සටහනක ලිව්ව එකට.

මේක ඇත්තටම එක විධියකින් වාර්තා චිත්‍රපටියක්. තවත් විධියකින් ඇපල් සහ මයි‍ක්‍රොසොෆ්ට් සමාගම්වල ආරම්භය සිදිධ වුණ විධිය ගැන කතාවක්. අනිත් අතින් ඔය හැමෝම එකිනෙකාගෙන් හොරකම් කරගෙන තමන්ගෙ නිෂ්පාදන සාර්ථක කරගත්තු විධිය ගැන කතාවක්. නමුත් මේ වෙලාවෙ මම කැමතියි මේක ස්ටීව් ජොබ්ස් කියන මනුස්සයගෙ දර්ශණය සෑහෙන්න අවබෝධ කරගන්න පුළුවන් විධියෙ චිත්‍රපටියක් කියල කියන්න.

මොකද මේ චිත්‍රපටිය පුරාවටම බොහෝ දුරට කතාව කියවෙන්නෙ ස්ටීව්ගෙ පාර්ශවයේ ඉඳන්. ස්ටීව් බොහොම නිදහසේ හිටපු නිදහසේ හිතපු පුද්ගලයෙක් කියල චිත්‍රපටියෙන් පේනවා. ඔහු තමන්ගෙ නිර්මාණ සැලසුම් කරන හැටි, ඒකෙදි ස්ටීව් වොස්නියැක් ඔහුට උදව් කරන විධිය. ඔවුන් ආයතනයක් විධියට ස්ථාවර වීම එක්ක අළුත් සංකල්ප එක්ක පුද්ගල පරිගණකය කියන හුරුබුහුටි නිෂ්පාදනය මිනිස්සු අතරට ගෙන ඒම වගේම බිල් ගේට්ස් එක්ක ඔවුන්ගෙ ගැටීම් චිත්‍රපටිය පුරාම කියවෙනවා.

මාස කීපයකට කලින් මම බාගත්තු දවස්වල නම් ඒ තරම් සීඩ් තිබුණෙ නෑ. මේ දවස්වල නම් කට්ටිය මේක බානව වගේ... :D



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

4 comments:

  1. කෝ බලන්න... බාමූ එහෙනම්...

    ReplyDelete
  2. මේක නැවත වතාවක් බලන්න ඕනි කියලා තමයි මට හිතුනේ මේ වුන සිදුවිමත් සමග. මොනවා වුනත් තාක්ෂණය අනික් පැත්ත හරවපු පුද්ග​ලයේක්. එවගේම අපි intel පරිඝණක වලට මැක් හරි ස්ථාපනය කර ගෙන වැඩ කරන්න පුළුවන් වුනේ මෙතුමාට පිංසිද්ද වෙන්න. නැත්නම් ඉතින් අද මම මෙහෙම ​බ්ලෝග් ලියන කෙනෙකුත් නෙමෙයි. මොනවා වුතනත් අසාවෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක් තමයි.

    ReplyDelete
  3. thanks machan.

    ReplyDelete
  4. බානගමන්.. තෑන්ක්ස් අයියා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...