Tuesday, October 11, 2011

Coming to America (1988) | Eddie Murphy, Arsenio Hall, James Earl Jones


Eddie Murphyට අකමැති චිත්‍රපටි ලෝලියෙක් ඉන්න විධියක් නෑනේ. දක්ෂ විකට රංගන ශිල්පියෙක් වගේම හොඳ හඬකවන්නෙක් විධියටත් සිනමා නිර්මාණ ගණනාවකින් අපි ඔහුව අඳුනගෙන ඉන්නවා.

Coming to America කියන චිත්‍රපටිය ඔහුම ලියපු කතාවක් අනුව නිපදවුණු චිත්‍රපටියක්. ටිකක් පරණ වුණාට මේ චිත්‍රපටිය මට හොඳට වැදුණ එකක්. එඩී මර්ෆිගෙ වෙනස්ම රඟපෑමක් දැකගන්න ලැබුණා වගේම ඔහුත් ඔහුගේ මිතුරා සහ සේවකයා විධියට රඟපාන Arsenio Hall කියන රංගන ශිල්පියත් විවිධ චරිත කීපයක්ම රඟපානවා. ඒ චරිත ඇත්තටම හොයන්න බැරි තරම් තාත්විකව වෙස් ගන්වල තියෙනවා.

අකීම් කියන්නෙ අප්‍රිකාවෙ තියෙන පෝසත් රටක් වෙන Zamunda දේශයේ ඔටුන්න හිමි කුමාරයායි. ඔහුගේ සියළුම වැඩ කරල දෙන්න ‍ඕන තරම් සේවකයො ඔහුට ඉන්නවා. ඔහුගෙ 21වෙනි උපන් දිනයෙදි පියරජතුමා සහ මව් බිසව ඔහුට මනමාලියක් යෝජනා කරනවා. නමුත් අකීම් වඩාත් කැමති වෙන්නෙ තමන් කියන දේ කරන බිරිඳකට වඩා ඔහුව තේරුම් අරගත් ඔහු තුල ඉන්න මනුස්සයට ආදරය කරන යුවතියක්ව විවාහ කරගන්නයි. ඒ නිසාම තමන්ගේ සිහින කුමරිය හොයාගෙන ඔහු තමන්ගෙ සේවක සැමි එක්ක ඇමරිකාවෙ කිවීන්ස් ජනපදය වෙත එනවා.

ඔවුන් එහිදි හැසිරෙන්නෙ දිළින්දන් විධියට. දුප්පත් කුලී කාමරයක ඉඳන් ඔවුන් දෙදෙනා කිවීන්ස් ජනපදයේ අවන්හලක සුළු රැකියා කරමින් අකීම්ගෙ අරමුණ වෙනුවෙන් වෙහෙසෙනවා.

චිත්‍රපටිය අවසාන වෙද්දි විවිධ අතට දිවුණ සිදුවීම් ගණනාවක් එක්ක අකීම්ගෙ ජීවිතේ වෙනස් වෙන්න පටන්ගන්නවා. ඒ අතරෙ වෙන සිදුවීම් රසවත්ව බලාගෙන ඉන්න පුළුවන් විධියට නිර්මාණය කරල තියෙනවා. සෑහෙන්න හිනා වෙන්නත් පුළුවන්.

චිත්‍රපටිය අවසානයේ ඒ ඒ චරිත රඟපාන්නෙ කවුද කියල පෙන්නද්දි පුදුම වෙන්නත් පුළුවන්.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

2 comments:

  1. මාත් එඩිගේ හාඩ් ෆෑන් කෙනෙක්.
    ඔය කමින් ටු ඇමෙරිකා සිය පාරක් බැලුවත් ආපහු හිනාවෙන්න මට පුළුවන්. ඉස්සර ගෙදරම එඩී කෙනෙක් හිටපු හින්දද මන්දා මට මල පැනලා ඉන්න වෙලාවක උනත් ටිකකින් හිනා වෙන්න පුළුවන් උනා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...