Wednesday, October 12, 2011

The Bodyguard (1992) | Kevin Costner, Whitney Houston, Gary Kemp


Frank Farmer කියන්නෙ පුද්ගල ආරක්ෂකයෙක්. ඒ කියන්නෙ Bodyguard කෙනෙක්. ඔහු Freelancer කෙනෙක් ;-) ඔහුට ආරක්ෂා කරන්න නියම වෙන අළුත්ම පුද්ගලයා කාන්තාවක්. ඇය Rachel Marron නම් ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක්. සුපිරි ජීවිතයක් ගෙවන කෙනෙක්. ඇය මුලදි කොහෙත්ම ‍ෆ්‍රෑන්ක්ගෙ සේවය තමන්ට අවශ්‍ය බව පිළිනොගන්නව වුණාට පසුව ඇයට තේරෙණව ඔහුගෙ සේවය තමන්ට අවශ්‍යයි කියල. මොකද ඇයව පිස්සුවෙන් අගය කරන සහ ඊර්ෂ්‍යා කරන පුද්ගලයෙක් ඇයට නිර්නාමික තර්ජන එල්ල කරනව.

කල් යද්දි ෆ්‍රෑන්ක් සහ රැචෙල් දෙදෙනා අතර තියෙන ඇසුර සේවා දායක සහ සේවා ලාභී කියන තත්ත්වයෙන් මිදිල ඊටත් වඩා පුද්ගලික මට්ටමකට යනව. ඔය අතරෙ රැචෙල් හොඳම නිළිය විධියට ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වෙනව.

මේ විධියට කතාව ගලාගෙන යන්නෙ The Bodyguard චිත්‍රපටියෙයි. ‍බොහොම දක්ෂ හොලිවුඩ් නළුවෙක් වෙන Kevin Costner සහ ඇත්ත ජීවිතෙත් ගායිකාවක් සහ නිළියක් වුණ Whitney Houston ‍දෙන්න තමයි පුධාන චරිත වලට පණ පොවන්නෙ. මේක හොඳ චිත්‍රපටියක් කියල අහල තිබුණට මෑතක් වෙනකල්ම බලන්න වුණේ නෑ. ටිකක් සංගීතය පැත්තටත් බර නිසා සෑහෙන්න හිතට වැදුණා.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

3 comments:

  1. ටිකක් පරණ වුණත් වටින ෆිල්ම් එකක් වගෙයි.

    ReplyDelete
  2. අර තාත්තගේ ගෙදර සීතලේ ගඟක් අයිනේ රෑ තිස්සේ ගෙවෙන මොහොත තවම ඇඟ හිරි වට්ටනවා. අවුරුදු 20කට කිට්ටු කාලයක් තිස්සේ බැලුවත් අදටත් බලන්න පුළුවන් ආපහු ආපහු. මියුසික් හා දෙන්නගේ කොම්බයිනේසන් එකටත් මම කැමතියි.
    මම ආසයි ඔයා මම මෙලෝ හසරක් නොදන්න හින්දි ෆිල්ම් ගැන නොලියා මෙන්න මේ වගේ ෆිල්ම් අපිටත් බලන්න පුළුවන් ඒවා ගැන කියනවා නම් කියලා. ඒ උනාට ඉතින් ඔයා ලියන්නේ මාව සතුටු කරන්න නෙමෙයි නිසා හැම එකක්ම ලියන්න.

    ReplyDelete
  3. හි හි... වැඩිය ජනප්‍රිය නැති හිතට වැදුණ ඒව ගැන අළුත් පරණ බව, භාෂාව වගේ සාධක නොසලකා ලියන්නයි හිතාගෙන ඉන්නේ... මේ කම්මැලිකම සේරටම උඩින්නේ... මේ දවස් ටිකේ නම් ලියවෙයි!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...