Monday, July 11, 2011

Alaipayuthey (2000) - அலைபாயுதே


අද කියන්න යන Alaipayuthey චිත්‍රපටිය මම දැනට බලල තියෙන හොඳම දෙමළ චිත්‍රපටි වලිනුත් හොඳම එකක්. සමහර විට හොඳම එකද කියලත් ෂුවර් නෑ. මොකද දෙමළ චිත්‍රපටි වලින් දැනට මම වැඩිම වාර ගණනක් බලල තියෙන්නෙ මේ චිත්‍රපටිය. ඒ තරමට මේ චිත්‍රපටිය සුපිරි එකක්. ඒ කියන්නෙ චිත්‍රපටියක් හොඳයි කියල කියන්න ගන්න නිර්නායක වලින් සෑහෙන්න ප්‍රමාණයකින් මේ චිත්‍රපටිය උඩින්ම සමත් වෙනව.

කාර්තික් කියන්නෙ චෙන්නායි (මධුරාසිය) නගරයේ ජීවත්වෙන පරිගණක ඉන්ජිනේරුවෙක්. ඔහු තමන්ගෙ මිතුරන් කීප දෙනෙක් එක්ක එකතු වෙලා තමන්ගෙම මෘදුකාංග ආයතනයක් පටන්ගන්න සැලසුම් කරමිනුයි ඉන්නෙ. ඔහු සහභාගි වෙන විවාහ මංගල්‍යයකදි තමයි මුලින්ම ඔහුට ශක්තිව දකින්න ලැබෙන්නෙ. ශක්ති කියන්නෙ වෛද්‍යවරියක් වීමට ඉගෙනගනිමින් ඉන්න තරුණියක්. ඊට පස්සෙ මේ දෙන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිසා වලට ගමන් කරන දුම්රිය දෙකකදි ආයෙත් එකිනෙකාව දකිනව. මේක කීප වතාවක්ම සිද්ධ වෙනව. දෙන්නටම ආදරේ ඇතිවෙන්නෙ ඒ බැල්මෙදි. ඊට පස්සෙ සුපුරුදු දෙමළ චිත්‍රපටි කතාවට ආයෙත් ඇවිත් මේ දෙන්නා ගෙවල් වලට හොරෙන් විවාහ වෙනව. ඒත් චිත්‍රපටිය එතනින් ඉවර වෙන්නෙ නෑ. දුක සතුට එක්ක ජීවිතේ ගැන හිතන්න සිද්ධ කරවන බොහොම සංවේදී සිදුවීම් පෙලක් තමයි ඊට පස්සෙත් දිග ඇදෙන්නේ.

චිත්‍රපටිය ඒකෙ මුල් හරියෙදි කියවෙන්නෙ අතීතාවර්ජනයක් විධියට. පස්සෙ කතාව වර්තමානයට ඇවිත් ආයෙත් සාමාන්‍ය විධියට ගමන් කරනවා. ඒ ඉදිරිපත් කිරීම නියමයි.

චිත්‍රපටියෙ අධ්‍යක්ෂණය දැවැන්ත දෙමළ සහ හින්දි චිත්‍රපටි ගණනාවක්ම හදපු මනි රත්නම් මහත්තයගෙ. සංගීතය ඒ. ආර්. රහමන්ගෙන්. ඒ නිසාම මේකෙ සංගීතයත් සින්දු ටිකත් සුපිරිම තමයි. ප්‍රධාන රංගනය දැනටත් ඉන්දියාවෙ සුපිරි නළුවෙන් වෙන මාධවන්ගෙන්. ශක්ති විධියට රඟපාන ශාලිනී නම් පුංචි කාලෙ ඉඳන් රඟපෑවට ඇය රඟපාපු අන්තිම චිත්‍රපටිය මේක කියලයි කියන්නෙ. ඇය විවාහයෙන් පස්සෙ රඟපෑමෙන් ඉවත් වුනාලු.. කොහොම වුණත් මේ චිත්‍රපටියෙදි ඇගේ රංගනය නියමයි.

මේ කතාව තියෙන හින්දි චිත්‍රපටිය සාතියා කියන නමින් හැදුනට ඒක බලන්න මට ඕන වුණේ නෑ.... අනික ඒකෙ ඉන්න අපි ගොඩක් දන්න කියන නළු නිලියො එක්ක දෙමළ චිත්‍රපටියෙන් දැණෙන හැඟීම නම් කොහොමත් ගන්න බෑ වගේ.

මේක මට මුලින් ලැබුණෙ අවුරුදු 6කට විතර කලින් මොහාන් හෙට්ටිආරච්චි මහත්තයගෙන් VCD තැටි දෙකක් විධියට. ඒක කොපි කරගෙන තමයි බැළුවෙ. මෑතකදි ආයෙත් බැලුවම පෙණුනා ඒකෙ පාටවල් හොඳටම වෙනස් වෙලා කියල. ඩිජිටල් මාධ්‍යයෙදිත් එහෙම අවුලක් වෙන්න හැකියාවත් තියෙනවා. කොහොම හරි ඒකෙන් වුණේ මම ආයෙත් චිත්‍රපටිය බාගත්තු එක. සතියකට වඩා ඉවසන්න නම් වුණා.



මගේ ලකුණු - 9/10

දැනගන්න සහ බාගන්න

5 comments:

  1. දෙමළ චිත්‍රපට වලට වැඩිය කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒත් මේක හොයාගෙන බලන්න ඕනි.
    මේ ටොරන්ට් බෑම අපිට හරියන්නෙ නෑ.

    ReplyDelete
  2. ෆිල්ම් එක බෑම කෙසේවෙතත් මුලින්ම සින්දු ටික අහල ඉන්නම්. දැනුවත් කළාට ස්තූතියි.

    ReplyDelete
  3. අනිවා මචන්.. ලස්සණ ෆිල්ම් එකක් තමා මේක...

    ReplyDelete
  4. mama meke hindi ekay tamil ekay dekama balala thiyenwa. Hindi eka remake ekak wunath eka hama athinama mul ekata wada sarthakay kiyala kiayanna puluwan.

    ReplyDelete
  5. Dhanapala DissanayakaJuly 12, 2011 at 6:34 PM

    ඉන්දියා‍වේ භාෂා 23 කින් චිතුපටි හදනවා.වැඩි‍යෙන්ම හදන්‍‍නේ හින්දි ඒවා ගණනින් ‍දෙසිය ඉක්මවනවා.ඒත් නිතරම තරගයක් තිබ්බ ‍වෙලාවට මුලටම එන්‍‍න ‍බෙංගාලි මලයාලම් ‍දෙමළ ඒව.‍අන්තිමට කීම ඒවා‍යේ තත්වය හරි ඉහළයි.පාතර් පංචාලි අපූර් සංසාර් ‍ලෝක‍යේ පළමු තැනට ආවා.මලයාලි ‍චෙම්මීන් වරක් පළමු තැනට ආවා.අමතක කරන්න බෑ එක අවුරුද්දක අ‍පේ ගම්‍පෙරළියත් පළමු තැනට ආවා.දිග විස්තරයක් පසුවට.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...