Tuesday, November 1, 2011

Another Earth (2011) | Brit Marling, William Mapother, Matthew-Lee Erlbach


Rhoda Williams කවදාවත් හිතන්නෙ නෑ තමන් අතින් ඒ අනතුර සිද්ධ වෙයි කියල. නමුත් ඒක වෙන්නෙ නොහිතපු වෙලාවක. ඒ වෙලාවෙ වේගයෙන් රිය පදවමින් ඉන්න අතරෙ රේඩියෝවෙ කිව්වෙ පෘථිවියට පේන්න අරගෙන තිබුණ අළුත් පෘථිවිය ගැන. ඔව්... ඒක පුදුම හිතෙන දෙයක්. අපි ඉන්න පෘථිවිය වගේම තවත් එකක්. හඳකුත් එක්ක.

ඒ වෙලාවෙ අහසෙ පේන්න තිබුණ අළුත් පෘථිවිය දිහා බලාගෙන එලවන්න ගිහින් සිදුවුණ අනතුරේ ප්‍රතිඵලය වුණේ අවුරුදු 4ක් අඩස්සියේ ඉන්න සිද්ධ වෙන එක විතරක් නෙවෙයි. දැඩි මානසික පීඩනයක්...

අවුරුදු 4කට පස්සෙත් අළුත් පෘථිවිය පේන්න තිබුණ. ඒකට මිනිස්සු යවන්න එක එක වැඩසටහන්, ලොතරැයි වර්ග ගොඩක් තිබුණ. ඒක අරුම පුදුම මූලධර්ම ගොඩකින් නිර්වචනය වුණ ඇත්තක්... රෝඩාට උවමනා වුණේ ඒකට යන්න... අවුරුදු 4ක් තිස්සෙ ඇයව පෙලමින් තිබුණ වරදකාරී හැඟිමෙන් ගැලවෙන්න ඇයට කරන්න තිබුණෙ ඒක විතරයි...

ඇය ඒ වෙනුවෙන් මහන්සි වෙනව... නමුත් රිය අනතුරෙන් මියගිය කාන්තාවගේ සැමිය... නැත්තං ඒ දරුවගෙ තාත්ත තවම ජීවතුන් අතර ඉන්න බව දැනගැනීමත් එක්ක රෝඩාගෙ ජීවිතේ බලාපොරොත්තුවක් මතු වෙනව. ජීවත් වෙන ඒ මනුස්සයට උදව්වක් කරන්න ඇයට උවමනා වෙනව. ඇය ඔහුට ටිකෙන් ටික ලං වෙන්නෙ ඇගේ ඇත්ත කතාව සඟවමින්...

ඒ අතරෙ ඇය අළුත් පෘථිවියට යාම වෙනුවෙන් තිබුණ තරගයකින් ජය ගන්නව...

කොහොමද තමන්ට තමන්වම මුණ ගැහුණොත්... එහෙම නැත්තං තමන්ගෙන් බැහැර වෙලා තමන් දිහා බලන්න පුළුවන් වුණොත්....

වෙව්ලන සීතලේ ගෙවෙන කම්මැලි දවස් කීපයක් අතරදි මේ සුන්දර චිත්‍රපටිය බලන්න ලැබුණම දැණුනෙ අප්‍රමාණ සතුටක්. මට මේක බලද්දි මතක් වුණේ The Man from Earth චිත්‍රපටිය. ඒ චිත්‍රපටියෙ වගේම මේකෙත් හොඳම කොටස තියෙන්නෙ සාර්ථක පිටපතේ කියල කිව්වොත් මම හරි වෙන්න ඕන. ඒ වගේම ප්‍රධාන නිළිය විධියට රඟපාන Brit Marling චිත්‍රපටිය පුරාම මාව ඒකට අලවල තිබ්බා.

මේ චිත්‍රපටිය තරුණ වැඩක්. මේකෙ අධ්‍යක්ෂක Mike Cahill ක්ෂේත්‍රයේ විවිධ දේවල් කරමින් අධ්‍යක්ෂණයට පිවිසුන කෙනෙක්. ඔහු අනාගතේ ලොකු වැඩකාරයෙක් වෙයි කියල හිතෙනවා.



මගේ ලකුණු - 8/10

දැනගන්න සහ බාගන්න

3 comments:

  1. මම මේක බලනවද නැද්ද කියලා හිත හිතා හිටියේ... ඔන්න දැන්නම් බාන්න දැම්මා..

    ReplyDelete
  2. මේක විද්‍යාත්මක එකක් නෙවෙයි මචෝ. නමින් එන්නෙ එහෙම අර්ථයක් වුණාට ඒක චිත්‍රපටිය එක ලයින් එකක අරන් යන සාධකයක් විතරයි... :D

    ReplyDelete
  3. මමත් හිතාගෙන හිටියේ නම වගේම ෆිල්ම් එක ඇති කියල. කතාව ටිකක් බෝරින්ග් උනාට ෆිල්ම් එක එල .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...